29.4 C
Galle

කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු දෙයි

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ අද (12) තොරතුරු නිකුත් කර තිබේ.

කොළඹ 15 ප්‍රදේශයේ වයස අවුරුදු 55ක පීරිමි පුද්ගලයකු වැලිසර ලය රෝහලේ සිට කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු පිඹුර මූලික රෝහලටත් ඉන් පසු මුල්ලේරියාව මූලික රෝහලටත් මාරු කර යවා සිටිය දී ඊයේ 11 කොරෝනා නිව්මෝනියාවෙන් මියගොස් ඇත.

ඉඹුල්ගොඩ පදිංචි වයස අවුරුදු 66ක පිරිමි පුද්ගලයකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙව් දී පසුගිය 10 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ උග්‍ර දියවැඩියා තත්ත්වය සමග කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

මෙම මරණ දෙකත් සමඟ මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 149කි.

Related articles

spot_img
error: Content is protected !!