29.4 C
Galle

මනාල යුවළට කොරෝනා. උත්සවයට ගිය පිරිස නිරෝධායනයට

Published:

තම විවාහ මංගල්‍යය අවසන්කර විදේශගතවීම සඳහා පීසීආර් පරීක්ෂණයකට යොමුවූ මනාලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මනාලියත් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මේ නව යුවල රක්වාන උක්වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. ඔවුන්ගේ විවාහ මංගල්‍යය පසුගිය නොවැම්බර් 29 වැනි දා පවත්වා තිබිණි.

මේ හේතුවෙන් උක්වත්ත ප්‍රදේශයේ පවුල් 13ක පුද්ගලයන් 70ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර 10ක් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා ඇති අතර ඉන් එම යුවළට අමතරව තවත් 03 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ. ඒ අතර 16 හැවිරිදි පාසල් සිසුවකු ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට  රක්වාන උක්වත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට ගොඩකවෙළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පියවර ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!