29.4 C
Galle

දිනමිණ මාධ්‍යවේදියා අනතුරකින් මරුට

Published:

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ සිංගක්කුලිය හන්දිය ආසන්නයේ දී ඊයේ (13) රාත්‍රී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මාධ්‍යවේදියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ දිනමිණ පුවත්පතේ දංකොටුව ප්‍රාදේශීය වාර්තාකරු එල්.කේ.සැම්සන් ජයන්ත බව ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. මියයන විට 66 හැවිරිදි වියේ පසුවූ ජයන්ත පස් දරු පියෙකි. යෝගියාන දික්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු දංකොටුව දිසා රෝහලට ඇතුළත් කළ පසු මියගිය බව වෛද්‍යවරු කියති.
මියගිය මාධ්‍යාවේදියා පැමිණි යතුරුපැදිය පන්නල දෙස සිට දංකොටුව දෙසට ගමන් කර ඇති අතර එම දෙසින්ම පැමිණි යතුරුපැදියක් ඔහුගේ යතුරුපැදියේ ගැටී දංකොටුව දෙස සිට පන්නල දෙසට ගමන්ගත් ටිපර් රථයක ගැටී නතරව වී ඇති බවත් මූලික පරීක්ෂණ වලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

අනෙක් යතුරුපැදියේ පැමිණි දෙදෙනාද තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මාරවිල මූලික රෝහලවෙත මාරුකර යවා ඇත. ඔවුන් දෙදෙනා වෙන්නප්පුවේ පදිංචි කරුවන්ය.

Related articles

spot_img
error: Content is protected !!