28.9 C
Galle

අටළුගමින් පැන්න අයෙක් පානදුරේ දී බස්වල රටකජු විකුණලා

Published:

කෙරෝනා පැතිරීම හේතුවෙන් හුදකලා කර ඇති අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු හොර රහසේම පැමිණ පානදුර බස් නැවතුමේ දුර ගමන් සේවා බස්රථවල රට කජු විකුණමින් සිටිය දී හමුදා බුද්ධි අංශ විසින් සොයාගෙන ඇත.

පසුගිය 11 වැනි දා රාත්‍රියේ ඔහු සොයාගත් බුද්ධි අංශ විසින් පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයට ඉදිරිපත් කර පීසීආර් පරීක්ෂණයක්ට ද යොමුකර තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වනවිට ඔහු නිරෝධායනයට යොමුකර ඇති බවයි.

අදාළ පුද්ගලයා ඉකුත් 10 දා පෙරවරුවේ බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෙල් යායකින් පැන ආ බවටත්, දින දෙකක් දුර ගමන් සේවා බස් රථවල රටකජු විකුණා ඇති බවටත් තොරතුරු ලැබී ඇත. ඔහු හමුවී ඇත්තේ ද කොළඹ මාතර දුරගමන් සේවා බසයක රටකජු අළෙවි කරමින් සිටිය දී ය.

Related articles

spot_img
error: Content is protected !!