30.2 C
Galle

ගාල්ලේ අවදානම වැඩි වෙද්දී දකුණේ ආසාදිතයන් 500 පනී

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 22 දෙනකු ඇතුළුව අද (15) දිනයේ දකුණු පළාතෙන් ආසාදිතයන් 32 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අං පවසයි.

මෙම ආසාදිතයන් 32 දෙනා වාර්තාවීමත් සමඟ දකුණු පළාතේ රෝගීන් සංඛ්‍යාව 513ක් දක්වා ඉහළ ගියේය. මේ අතරින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙනි. එම සංඛ්‍යාව 114 දෙනෙකි. ඒ අද වාර්තා වූ ආසාදිතයන් 21 දෙනකු ද සමගිනි. එම ආසාදිතයන් 21 දෙනාම හමුවී ඇත්තේ මේ වනවිට දැඩි සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවලිනි. ගාල්ලෙන් වාර්තා වූ අනෙක් ආසාදිතයා හමුවී ඇත්තේ අක්මීමණ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙනි.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 07 දෙනෙක්, පස්ගොඩ, දෙවිනුවර හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 01 ආසාදිතයකු බැගින් වාර්තා වී තිබේ.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 325ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 153ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 35ක් ලෙස ආසාදිතයන් 513 වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධයස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මේ අතරින් සුවය ලබා ඇත්තේ 194 දෙනකු පමණි. අද හමුවූ 32 දෙනා රෝහල්ගත කිරීමත් සමඟ දකුණේ පදිංචි 319ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

Related articles

spot_img
error: Content is protected !!