30.2 C
Galle

වැලිගම පාසලක සියලු දෙනාට PCR සඳහා යොමුවන ලෙස ඉල්ලීමක්

Published:

වැලිගම අර්ෆා ජාතික පාසලේ ගුරුවරු තිදෙනෙක් හා එහි ආරක්ෂක නිලධාරියා කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් පසුගිය දිනවල පාසලට පැමිණි සියලුම ගුරුවරුන් හා සිසු දරු දැරියන් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු වී ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ බව දන්වා පීසීආර් පරීක්ෂණ සිදුකරගන්නා ලෙස වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අර්ෆා ජාතික පාසලේ ආසාදිත බව හඳුනාගත් ගුරුවරු තිදෙනා සහ ආරක්ෂක නිලධාරියා මීට පෙර වැලිගමින් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

(තරංග ගුණරත්න)

Related articles

spot_img
error: Content is protected !!