30.2 C
Galle

වැලිසර රෝහලෙන් පලාගිය ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම්

Published:

වැලිසර රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයකු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්ක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටිය දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයවරයා කියා සිටියේ 43 හැවිරිදි වියේ පසුවන එම තැනැත්තා රෝහලට ලබා දී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් බවයි. ඔහු ග්‍රෑන්ඩ්පාස් පදිංචිකරුවකු ලෙසට තොරතුරු ලැබී ඇති බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!