30.1 C
Galle

ගාල්ලේ කටුගොඩ ප්‍රදේශයටත් සංචරණ සීමා දමයි

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කටුගොඩ ප්‍රදේශයට ද සංචාරක සීමා පැනවීමට කටයුතු කර තිබේ.

කටුගොඩ ප්‍රදේශයෙන් පමණක් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 14 දෙනෙකි. මේ හේතුවෙන් එම ප්‍රදේශයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් මාර්ග බාධක යොදා ඇතැයි ද පොලිසිය පවසයි. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 07ක් සඳහා දැඩි සංචරණ සීමා පනවා තිබූ අතර දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ හා මිලිද්දුව ප්‍රදේශයේ සංචාරක සීමා ලිහිල් කිරීමට සෞඛ්‍ය උපදෙස් මත ඊයේ (16) නගරාධිපතිවරයා කටයුතු කර තිබිණි.

කටුගොඩ ප්‍රදේශයට පොලිස් මාර්ග බාධක තුනක් යොදා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!