30.1 C
Galle

ගාල්ල මහ නගර සභාවේ සේවකයකුට කොරෝනා

Published:

ගාල්ල මහ නගර සභා සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඔහු නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවෙකි. ගාල්ල දඩල්ලේ පදිංචිව සිටින මෙම තැනැත්තා කොටුව කොට්ඨාසයේ සේවය කරන්නෙකි. පෙරේදා (15) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අද (17) ලැබුණු වාර්තාවක් අනුව ඔහු ආසාදිත බව තහවුරු වී තිබේ.

එම සේවකයා කඩිනමින් රෝහල්ගත කිරීමටත්, ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල මහා නගර සභා සේවකයන් අතරින් කොරෝනා ආසාදිතයකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

Related articles

spot_img
error: Content is protected !!