27.2 C
Galle

කරාපිටියෙන් පුද්ගලික රෝහලට ගිය කත කොරෝනා නිසා මරුට

Published:

කරාපිටිය පිළිකා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට සිය කැමැත්තෙන් පුද්ගලික රෝහලකට ඇතුළු වූ කාන්තාවක් මියගිය පසු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මියගිය මෙම කාන්තාව කරාපිටිය රෝහලෙන් බැහැරව ගොස් ඇත්තේ ඊයේ (16) දිනයේ දී ය. ඇය ඊයේ රාත්‍රියේම මියගොස් ඇති බවත් ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ බවත් අද (17) සවස කරාපිටිය ශික්ෂණ රෝහලට දැනුම් දී තිබේ.

මෙම කාන්තාව ප්‍රතිකාර ලබාගත් වාට්ටුවේ ම සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (17) හඳුනා ගැණිනි.

Related articles

spot_img
error: Content is protected !!