27.2 C
Galle

ගාල්ලේ සංචරණ සීමාවල වෙනසක්

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරීමේ අවදානම තවදුරටත් පවතින ග්‍රාම නිලධාරී වසම් තුනක දැඩි සංචරණ සීමා පැනවීමටත් දැනට දැඩි සංචරණ සීමා පනවා ඇති වසම් තුනක එම සීමා ලිහිල් කිරීමටත් අද තීරණය කෙරිණි.

මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා මර්ධන කමිටුව අද (18) සවස ලබුදූව දක්ෂිණ පායේ දී රැස්වූ අවස්ථාවේ දී ය.

දංගෙදර නැගෙනහිර, දෙද්දුගොඩ උතුර, දෙද්දුගොඩ දකුණ, කෝන්ගහ සහ මකුළුව ග්‍රාම නිලධාරී වසම්වල මෙතෙක් පනවා තිබූ දැඩි සංචරණ සීමා ලිහිල් කළ අතර කටුගොඩ, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරී වසම් සඳහා තවදුරටත් දැඩි සංචරණ සීමා පනවා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!