26.8 C
Galle

කොළඹ මෝචරිය ඉඩ මදිවෙයි. අමතර ශීතාගාර පහසුකම් සපයයි

Published:

කොළඹ පොලිස් මෝචරියේ මළ සිරුරු තැන්පත් කිරීම සඳහා අමතර ශීතාගාර පහසුකම් සැපයීම ඊයේ සිදුකෙරිණි. මේ සඳහා මළ සිරුරු කල්තබාගත හැකි බාහිර අධි ශීත බහාලුමක් පොලිස් මෝචරියට ගෙනවිත් ස්ථාපිත කරන ලදී.

පොලිස් මෝචරියේ තබාගැනීමට ඉඩ ඇත්තේ මළ සිරුරු 20ක් පමණි. එසේ වුව ද මේ දිනවල කොරෝනා වසංගතය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට ඔවුන් කැමැත්ත ලබා නොදෙන බැවින් ඒවා ආදාහනය කිරීමට අධිකරණ නියෝගයක් ලබාගන්නා තුරු ගබඩා කරගෙන සිටීමට සිදුවෙයි.

මේ හේතුවෙන් පොලිස් මෝචරියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් මෙලෙස අමතර ශීතාගාර පහසුකම් සපයාගැනීමට සිදුව ඇත. මෙම අමතර ශීතාගාර බහාලුමේ මළ සිරුරු 50ක් තබා ගැනීමේ හැකියාව පවතී.

මේ වනවිට කොළඹ පොලිස් මෝචරියේ ඥාතීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ මළ සිරුරු 07ක් පමණ ආදාහනය කළ නොහැකිව තිබෙන බව දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!