26.8 C
Galle

දකුණු පළාතේ ආසාදිතයන් 639 දක්වා ඉහළට

Published:

කොරෝනා දෙවැනි රැල්ලේ ආසාදිතයන් 639 දෙනකු දකුණු පළාතෙන් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ ඊයේ(19) දිනයේ දී ආසාදිතයන් 54ක් දකුණෙන් වාර්තා වූ අතර ඒ අතරි්න 52ක් ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.

ඔවුන් අතරින් 40 දෙනකු වාර්තා වී ඇත්තේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන්, ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 08ක්, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 02ක්, බලපිටිය හා අක්මීමණ සෞඛය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් එක් අයකු බැගින් හමුවී තිබේ.

අනෙක් ආසාදිතයයන් දෙදෙනා මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ිතබේ.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 392ක් වන අතර මාතර දිස්‍ත්‍රික්කයෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව 199ක් වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිත පිරිස 48කි.

Related articles

spot_img
error: Content is protected !!