26.8 C
Galle

දෙනියායේ සිට කරාපිටියට ආ කතකට කොරෝනා

Published:

එන්නතක් විද ගැනීම සඳහා දෙනියායේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි 56 හැවිරිදි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මෙම කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට පැමිණි අවස්ථාවේ දී කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මේ බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඇය ජීවත්වන දෙනියාය වත්ත පශළ කොටසේ ඇගේ පවුලේ සාමාජික සාමාජිකාවන් සහ ආශ්‍රිතයන් 36 දෙනකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. වෙළෙඳ සැල් 05ක් ද වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඇය කරාපිටියට ශික්ෂණ රෝහලට පැමිණ ඇත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමිනි.

Related articles

spot_img
error: Content is protected !!