26.8 C
Galle

දකුණෙන් අද වාර්තා වූ ආසාදිතයන්

Published:

දකුණු පළාතෙන් අද (20) කොරෝනා ආසාදිතයන් 30ක් වාර්තා වන බව ලැබී ඇති දත්ත අනුව පැහැදිලි වෙයි.

ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් අද දිනයේ වාර්තා වී ඇත්ත් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 13 දෙනෙකි. ගන්දරින් ආසාදිතයන් 07 දෙනෙක්, රන්න ඇඟළුම් කම්හලකින් ආසාදිතයන් 05 දෙනෙක්, කිරින්ද පුහුල්වැල්ලෙන් ආසාදිතයක් 02ක්, අක්මීමණ කදුරුදූවෙන් එක් ආසාදිතයකු, දෙනියායෙන් ආසාදිතයෙක් හා අම්බලන්ගෙඩ රන්දොඹේ ආසාදිතයකු වශයෙන් එම ආසාදිතයන් 30දෙනා හමුවී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා අනුව පෙනී යයි.

මේ අනුව දකුණු පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 669ක් දක්වා ඉහළ ගියේය.

Related articles

spot_img
error: Content is protected !!