30 C
Galle

මැති ඇමැතිවරු පිරිසක් නිරෝධායනයට

Published:

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් පියතිස්ස, මරුදපාණ්ඩි රාමේෂ්වරන් යන මැති ඇමැතිවරු නිරෝධායනයට යොමු කර තිබේ.

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහභාගී වූ රැස්වීම් කිහිපයක මෙම මැති ඇමතිවරු ද සිටීම හේතුවෙන් ඔවුන් එම සභාපතිවරයාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් ද නිරෝධායනයට යොමුකර සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!