30 C
Galle

කරාපිටිය පිළිකා ඒකකයෙන් තවත් ආසාදිතයන් 07 හමුවෙයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ 56 වැනි වාට්ටුවේ සිටි රෝගීන් 07 දෙනකු කොරෝනා ආසාදිතයන් බව අද (24) ලැබුණු පීසීආර් පරීක්ෂණ වාර්තා අනුව සනාථ වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම වාට්ටුවේ නේවාසිකව සිටි රෝගියකුගේ බිරිඳ ආසාදිතයකු වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම වාට්ටුවේ ආසාදිතයන් 16 දෙනකු මින් ඉහත දී හඳුනාගන්නා ලදී. මෙය කුඩා කොරෝනා පොකුරක් ලෙස ද හඳුන්වා දුන් අතර ඇතැම් සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ එම කොරෝනා පොකුර පාලනය කර ඇති බවයි.

එසේ වුව ද වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි නේවාසික රෝගීන් 12 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයන් 07 දෙනා වාර්තා වූ බව රෝහල් බලධාරීන් පවසයි.

Related articles

spot_img
error: Content is protected !!