28.2 C
Galle

අලියාට බෙහෙත් කරලා මළ මුත්‍ර නාන දොස්තර

Published:

ඔබ සිතන්නේ ඔබේ රැකියාව නුසුදුසු සහ අසීරු යැයි කියා ද ?

එසේනම් මේ රැකියාව දෙස බලන්න. මළ බද්ධයෙන් පීඩා විඳි අලියකුට ප්‍රතිකාර කරන්න ගිය වෛද්‍ය ටොම් සහ ඔහුගේ සහායකන් දෙදෙනා අලියාගේ මළ මුත්‍රාවලින් නැහැවී ගිය ආකාරය කොතරම් හාස්‍යජනක වුවත් එය කොතරම් අපහසු රැකියාවක් ද යන්න පසක් කරයි.

තායිලන්තයේ චියැං මායි හි උද්‍යානයක පශු වෛද්‍යවරයකු වන ටොම් මේ අලියාගේ සිරවී ඇති මළ ඉවත්කිරීමට කටයුතු කළේ එය අලියාට මාරාන්තික විය හැකි බවට පෙනීගොස් තිබූ බැවිනි.

මෙම කාර්යයේ දී වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂිත ඇඳුම් හැඳ සිටිය දී වීඩියෝවෙන් පෙනී යන්නේ එය ප්‍රයෝජනයක් නොවූ බවයි. මෙය ඉතා පිළිකුල් දෙයක් වුව ද වෛද්‍යරයාගේ සහායකයන් දෙදෙනා සිනා සෙමින් සිටිනු දක්නට ලැබේ. ටොම් තම ඇස්වලින් දියර පිසදා දැමීමට උත්සාහ ගනිමින් සිටියි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියේව මේ වනවිටත් ඉන්ස්ටග්‍රෑම් හි 50,000ක පමණ පිරිසක් විසින් ලබාගෙන ඇති බවයි. මෙය ඇතැම් පිරිස් පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස හැඳින්වුව ද අලියාට උදව්කිරීම ගැන බොහෝ දෙනෙක් ප්‍රශංසා කරති.  

Related articles

spot_img
error: Content is protected !!