27.8 C
Galle

මෘත දේහ ආදාහනයට විතරයි. වෙන කතා එපා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published:

කොරෝනා ආසාදනය වී මියයන ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ මළ සිරුරු සියල්ල ආදාහනය පමණක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාද්‍ය නිවේදනකින් දැනුම් දී ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කොරෝනා මරණ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටින බවයි. කොරෝනා වසංගතයෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර දක්වන බව පෙනී ගොස් ඇතැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

දේශපාලන අරමුණු සඳහා ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල දේශපාලන චරිත ඈදාගෙන ඇතැම් වෙබ් අඩවි විසින් නිර්මාණය කරන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

එහි වැඩිදුරත් සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොරෝනා වසංගතයෙන් මියයන සියළු දෙනාගේ මෘත දේහ ආදාහනය පමණක් කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!