27 C
Galle

කළමැටියට ගෙනා කහ තොගය ආදාහනාගාරයට

Published:

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්‍රෑම් 20,900ක් අද (30) අළුයම ලුනම ආදාහනාගාරයේ දී ගිනි තබා විනාශ කරන ලදී.

මෙම කහ තොගය හුංගම කළමැටිය ධීවර වරායේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකය මගින් පසුගිය 27 වැනි දා අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස්පතිවරයාගෙන් ලැබුණු විශේෂ නියෝගයක් මත නිරෝධායනය නීතියට අනුව මෙම කහ තොගය විනාශ කළ බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!