27 C
Galle

මහ වැස්සෙන් කොල්ලුපිටියේ අයෙක් මරුට

Published:

කොල්ලුපිටියේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක බිම් මහලේ ජලය පිරීම හේතුවෙන් සිරවූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඊයේ (29) සවස ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්  ආර්.ඒ. ද මෙල් මාවතේ පිහිටි මෙම ඉදිකිරීම් භූමියේ ජලය පිරී ඇති අතර එහි වාහන නැවත්වීම සඳහා ඉදිකරමින් තිබූ භූගත මහළ සහ බිම් මහළේ අඩි දෙකක් දක්වා ම ජලය පිරී තිබූ බව පොලිසිය කියයි. මියගිය මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගැනිමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තු සේවකයන් පැය 10ක පමණ මෙහෙයුමක් සිදුකර තිබේ.

කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!