25.4 C
Galle

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 14ක් රෝහලේ

Published:

හල්දුම්මුල්ල වල්හපුතැන්න මහා වංගුව ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ළමුන් 08 දෙනකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.

එම වෑන් රථය හපුතලේ සිට බලංගොඩ බලා ධාවනය වෙමින් තිබූ  බව ද පොලිසිය පවසයි. ඔවුන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරු කර යවා ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බලංගොඩ සිට හපුතලේ ලිප්ටන් සීට් නැරඹීමට පැමිණි පිරිසකි.   

Related articles

spot_img
error: Content is protected !!