25.4 C
Galle

බස්නාහිර පළාත් පාසල් ආරම්භ කරන හැටි ඇමති කියයි

Published:

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා වසා දමා ඇති බස්නාහිර පළාතේ පාසල් අතරින් හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් පාසල්වල 11 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ අද (04) මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය පිළිබඳ නිශ්චිත දිනයක් තවමත් තීරණය කර නැත. අමාත්‍යවරයා පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්විමේ අවශ්‍යතාව හේතුවෙන් 11 ශ්‍රේණ ආරම්භ කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!