25.4 C
Galle

මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රාවක් මීගමුවේ දි අල්ලයි

Published:

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීගමුව මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාකවරයා පවසයි.

එම යාත්‍රාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 80ක් තිබූ බව ද නාවික හමුදාව පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 60ක් පමණ වන බව ද පැවසේ. මෙම මෙහෙයුම සඳහා සියලු බුද්ධි අංශ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව ඇති අතර ගුවන් හමුදාවේ සහාය ද ලබාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශ පදිංචිකරුවන්ය.

Related articles

spot_img
error: Content is protected !!