25.4 C
Galle

සිරුර හඳුනාගන්න යැයි අධිකරණයෙන් දුන් නියෝගය කඩ කරලා

Published:

ගාල්ලේ මිලිද්දුව පදිංචිව සිටිය දී මියගිය මුසිල්ම් ජාතිකයාගේ සිරුර හඳුනාගන්නා ලෙස ඔහුගේ ඥාතීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය ඔවුන් විසින් කඩ කර තිබේ.

මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 29 වැනි දා කළුබෝවිල රෝහලේ දී මියගිය පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබිණි. එම මරණය සම්බන්ධයෙන් 30 වැනි දා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේ දී මියගිය තැනැත්තාගේ බිරිඳ ඇතුළු ඥාතීහු සිරුර හඳුනා නොගෙන රෝහලින් බැහැරව ගියහ. මේ පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් පසු දෙසැම්බර් 28 වැනි දා ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග විසින් නියෝග කර තිබුණේ එදිනම සිරුර හඳුනාගන්නා ලෙසයි.

පුද්ගලික හේතුවක් මත එදින සිරුර හඳුනාගැනීමට නොහැකි බව පැවසූ ඥාතීන් ඒ සඳහා ජනවාරි මස 04 වැනි දින උදෑසන 10.00ට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ සිරුර හඳුනාගන්නා බව දැන්වූ බැවින් ඊට අවසර ලැබිණි.

කළුබෝවිල ශික්ෂණ රෝහල් පොලිසිය පවසන්නේ අධිකරණ නියෝගය මත ඥාතීන් ඊයේ (04) සිරුර හඳුනාගැනීම සඳහා නොපැමිණි බවයි. මේ පිළිබඳ අද (05) යළි අධිකරණයට කරුණු වාර්තාකරන බව ද රෝහල් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!