25.4 C
Galle

කරාපිටිය පිළිකා ඒකකයට ආ කතකට කොරෝනා

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයට ප්‍රතිකාර සඳහා පැමිණි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් හම්බන්තොට රෝහලට යැවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තාව ප්‍රතිකාර සඳහා පැමිණ ඇත්තේ 56 වාට්ටුවට බවත් එහි දී පීසීආර් පරීක්ෂණය සිදුකර ඇති බවත් වාර්තා වේ. මෙම වාට්ටුවෙන් ‍කොරෝනා ආසාදිතයන් පිරිසක් මීට පෙර වාර්තා වූ අතර මෙම කාන්තාව ද එම වාට්ටුවෙන් ම මීට පෙර ප්‍රතිකාර ලබාගෙන තිබිණි.

ඒ අනුව ඇය කොරෝනා ආසාදිත වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 වාට්ටුවේ මීට පෙර ප්‍රතිකාර ලබමින් සිටියදී ද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!