25.1 C
Galle

කදුරුවෙල නගරයේ කොටසක් වසා දමයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් පොළොන්නරුව කදුරුවෙල නගරය අද (06) සවස සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල පවසයි.

අද දිනයේ පමණක් කදුරුවෙල නගරයේ ආපනශාලාවක් ඇතුළු වෙළෙඳ සැල් කිහිපයකින් කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.කුමාරවංශ පවසයි.

මේ වනවිට කදුරුවෙල නගරයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20කි.

Related articles

spot_img
error: Content is protected !!