27.1 C
Galle

ගාල්ල බන්ධනාගාරයේ ආසාදිතයන් 37ක්

Published:

ගාල්ල බන්ධනාගාරයෙන් ඊයේ (06) දිනයේ දී කොරෝනා ආසාදිතයන් 37 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් 34 දෙනකු ම කාන්තා රැඳවියන් වන අතර අනෙක් තිදෙනා බන්ධනාගාර නියාමකවරියෝය.

බන්ධනාගාරයේ රඳවා සිටි ගැබිණි කාන්තාවක් කොරෝනා ආසාදිතය බව පසුගිය 05 වැනි දා හඳුනාගැනීම හේතුවෙන් ඇය  සමඟ සිටි තවත් කාන්තා රැඳවියන් 39 දෙනකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබූ අතර ඒ පිරිස අතරින් 34 දෙනකු ම කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

ඊට අමතරව න්ධනාගාර නියාමකවරියන් 17 දෙනකු ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර ඔවුන්ගෙන් 03 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. බන්ධනාගාරයේ පිරිමි රැඳවූවන්  07 දෙනකුගේ සහ බන්ධනාගාර නියාමකයන් 07 දෙනකුගේ ද පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි. ඒ අනුව බන්ධනාගාරයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ සංඛ්‍යාව 69කි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිත රැඳවියන් ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් නියාමකවරියන් කරන්දෙණිය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් යොමුකිරීමට කටයුතු කළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!