25.1 C
Galle

සියදිවි නසාගත් මැණික් ව්‍යාපාරිකයා කොරෝනා ආසාදිතයෙක්

Published:

දඹුල්ලේ තානායමක දී සියදිවි නසා‍ගත් මැණික් ව්‍යාපාරිකයා කොරෝනා ආසාදිතයකු බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණ්‍ය වී තිබේ. රත්නපුරේ සිට දඹුල්ලට පැමිණ තානායමක කාමරයක් කුලියට ගෙන එහි රැඳී සිටි එම ව්‍යාපාරිකයා 40 හැවිරිදි වියේ පසුවූවෙකි.

පොලිසිය පවසන්නේ ඔහු කවර හේතුවකට දඹුල්ලට පැමිණියා ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවිය. ඔහු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් එම පුද්ගලයා ලැඟුම්ගෙන මියගොස් සිටි තානායමේ සේවකයන්, එම ස්ථානයට පැමිණි දඹුල්ල පොලිසියේ නිලධාරීන්, දඹුල්ල නගර සභා සේවකයන් කිහිපදෙනකු සිරුර රෝහල වෙත රැගෙන ගිය මල් ශාලාවේ සේවකයන් සහ දඹුල්ල රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු ද නිරෝධායනයට ලක්කිරීමට සෞඛය අංශ කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!