28.9 C
Galle

ගාල්ලේ වෛද්‍යවරු වැඩ වර්ජනයකට සැරසෙති

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 12වැනි දා සිට රාජකාරී කටයුතුවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර තිබේ.

ගාල්ල මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය කරන මානව, භෞතික, තාක්ෂණික සම්පත් මෙතෙක් ලබා නොදීම හේතුවෙන්  මර්දන කොරෝනා මර්ධන කටයුතු අඩාල වීම හේතුවෙන් ඊට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව එම ලිපියේ සඳහන් කර ඇත.

ගාල්ල මහ නගර සභාවේ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය බර්ට්මන් ද සිල්වාට උප නගරාධිපති ෆවුස් නියාස් පසුගිය දෙසැම්බර් මස 23වැනි දින බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මත එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහ නගර සභාවෙන් පිටත දංගෙදර ප්‍රදේශයේ ස්ථාපිත කෙරිණි.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතට සහ අදාල වගකිවයුත්තන් වෙත ද පිටපත් එම ලිපියේ යොමුකර ඇත.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

Related articles

spot_img
error: Content is protected !!