28.3 C
Galle

මන්ත්‍රීවරු 10ක් නිරෝධායනයට

Published:

කොරෝනා වයිරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 10 දෙනකුට මේ වනවිට නිරෝධායන උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරන්නේ පසුගිය 05 වැනි දින පැවැති පාර්ලිමේන්තු රැස්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ.සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන සිව්දෙනා හකීම් සමඟ සමීපව කටයුතු කර තිබූ බවයි.

මුසිල්ම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 04 දෙනකු පසුගිය සිකුරාදා (08) රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ නිවසට ගොස් ඇති අතර තවත් මන්ත්‍රීවරු දෙදෙනකු හකීම් මන්ත්‍රීවරයා අසන්නයේ රැඳී සිටීම හේතුවෙන් ආශ්‍රිතයන් වී ඇත. මෙම මන්ත්‍රීවරු 10 දෙනාට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ද හකීම් මන්ත්‍රීවරයාට සමීප වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!