28.3 C
Galle

නෙළුවේ ආසාදිතයන් ඉහළට. නව පොකුරක්?

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 08 දෙනකු හමුවී ඇති බවත් කොරෝනා පොකුරක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ සිට පැමිණි පොලිස් දෙපාර්තමේන්තු නිලධාරියකු කොරෝනා ආසාදිත බව පසුගිය 10 වැනි දා හඳුනාගත් අතර ඔහුගේ ආශ්‍රිතන් පිරිසක් සඳහා කරන ලද පරීක්ෂණවලින් අද වාර්තාවූ ආසාදිතයන් 08 දෙනා සොයාගෙන ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් පිරිසක් හෙට (13) දිනයේ දී ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිත බවයි. ආසාදිත බවට හඳුනාගත් නෙළුව පදිංචි පොලිස් නිලධාරියා ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට ද සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!