26.3 C
Galle

කොළඹ දී පැනගිය ආසාදිතයා ගාලු ඇවිත්. ඇල්ලීමට විශේෂ මෙහෙයුමක්

Published:

කොරෝනා ආසාදිත බව කොළඹ දී අද (13) තහවුරු වූ  පුද්ගලයකු පළාගොස් ගාල්ලේ පිහිටි තම නිවස වෙත එමින් සිටින බවත් ඔහු අල්ලා ගැනීමට පොලිසිවලට දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

වරාය අධිකාරියේ සේවය කරන මෙම පුද්ගලයා ගාල්ලේ වක්වැල්ලේ පදිංචිකරුවෙකි. ඔහු ආසාදිත බව වාර්තාවීමෙන් පසු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත බසයකින් රැගෙන යමින් සිටි යදී පැන ගොස් ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම පුද්ලයා එතැන් සිට ගාල්ල දෙසට ගමන් ගන්නා පොදු ප්‍රවාහන බස් රථවලින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසි දැනුම්වත් කර ඇති බවත් සෞඛ්‍ය අංශ පැවසීය.   

Related articles

spot_img
error: Content is protected !!