30.5 C
Galle

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා මරණය

Published:

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි සූරියවැවි සුරුවිරුගම පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා මරණය වන අතර දකුණු පළාතෙන් වාර්තාවන 10 වැනි කොරෝනා මරණයයි. මීට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 06 දෙ‍නකු කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත මරණ 03ක් වාර්තා විය.

මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ ද කැමැත්ත ඇතිව දේහය ආදාහනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!