30.5 C
Galle

හැඩ වෙමින් සිටි මනාලියන් දෙදෙනකු ඇතුළු 06ක් සිහිසුන්ව රෝහලට

Published:

මීරිගම රූපලාවන්‍යාගාරයකට ගිය මනාලියන් දෙදෙනකු ඇතුළු 06 දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් සිහිසුන් වී රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

සිය දෙවැනි ගමන සඳහා සැරසෙමින් සිටි මෙම මනාලියන් දෙදෙනා ඇතුළු පිරිස සිහිසුන් වූයේ කාබන් මොනොක්සයිඩ් වාතය සමඟ කිසියම් රසායනිකයක් ප්‍රතික්‍රියා කිරීමෙන් විය හැකියැයි වෛද්‍යවරු කියති.

විදුලිය විසන්ධිවීම හේතුවෙන් විදුලි ජනකයක් භාවිතා කරමින් ඔවුන් රූපලාවන්‍යාගාරයේ කටයුතු පවත්වාගෙන ගොස් ඇත. වායු සමනය යන්ත්‍රය ද ක්‍රියාත්මකව තිබී ඇති අතර විදුලි ජනකය ද එම පරිශ්‍රයේම තිබීම හේතුවෙන් ඉන් පිටවන වාතය මෙලෙස කිසියම් විෂක් නිපදවීමට හෙතුවන්නට ඇතැයි ද පොලිසිය විශ්වාසය කරයි.

කෙසේ වෙතත් මොවුන් 06 දෙනාගේ ම තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන ්කරයි.

Related articles

spot_img
error: Content is protected !!