31.6 C
Galle

පාසල් සිසුන් තිදෙනකුට කොරෝනා

Published:

පස්සර ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනකුට කෙරෝනා ආසාදනය වි ඇතැයි බදුල්ල ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ශාන්ත ගමගෙදර පවසයි.

නගරයේ පිහිටි ප්‍රදාන සිංහල පාසලක ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකුට හා මුස්ලිම් පාසලක ඉගෙනුම ලබන සිසුවකුට මෙලෙස ආසාදනය වී ඇත.

සිංහල පාසලේ සිසුන් දෙදෙනා රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණුවකට යාම සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිත බව තහවුරු වී තිබේ. අනෙක් සිසුවාට බල්කුඹුර ප්‍රදේශයෙන් රෝගය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාස කරයි. මේ සිසුන් තිදෙනාම පසුගිය කාලයේ දී අනෙක් සිසු සිසුවියන් හා සම්බන්ධ වී නැතැයි ද වසංගත රෝග විදයා ඒකකය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!