31.6 C
Galle

එංගලන්ත ක්‍රීඩකයන් සිටින හෝටලයේ තවත් දෙදෙනකුට කොරෝනා

Published:

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටිනි ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ තවත් සේවකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (18) තහවුරු වී තිබේ. මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ මුළුතැන්ගේ සේවකයකුට හා ලොන්ඩරි සේවකයකුට බව හෝටල් ආරංචිමාර්ග පවසයි. ඔවුන් දෙදෙනා ගාල්ලේ සහ කෑගල්ලේ පදිංචි කරුවන්ය.

මුළුතැන්ගේ සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදනය වීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම දෙදෙනා ආසාදිත බව හඳුනාගෙන ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ‍ආසාදිතයන් දෙදෙනා එංගලන්ත ක්‍රීඩකයන් හා සෘජුව සම්බන්ධ වූ අය නොවන බවයි.මේ අනුව ලයිට්හවුස් ‍හෝටලයේ කොරෝනා ආසාදිත සේවකයන් සංඛ්‍යාව 04 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!