31.6 C
Galle

ගාල්ලේ 08 වැනි කොරෝනා මරණයත් ගිංතොටින්

Published:

කොරෝනා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය 08 වැනි මරණය ගිංතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, ගිංතොට ගොඩවත්ත පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඔහු නිවසේ දී ම මියගොස් ඇති අතර දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව අද (19) තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි.

මෙම මරණය කොරෝනා හේතුවෙන් ගිංතොට ප්‍රදේශයේ මියගිය සිව්වැනි පුද්ගලයාය.

Related articles

spot_img
error: Content is protected !!