31.6 C
Galle

කොළඹ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයාට කොරෝනා

Published:

කොළඹ කොල්ලුපිටියේ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ දී ම මියගොස් සිටියදී සොයාගෙන තිබිණි. ඔහුගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ඒමෙන් පසු ඉන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් වාර්තාව අද (19) උදෑසන නිකුත් කර තිබිණි. ඉන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත අයකු බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් පසු කොළඹ බෝවන රෝග විද්‍යායතනයෙන් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි. ‍ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු මේ වනවිට කරගෙන යන බව ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!