31.6 C
Galle

කොරෝනා රෝග ලක්ෂණ වෙනස් වී ඇතැයි හෙළිවේ

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ දක්නට ලැබෙන රෝග ලක්ෂණ වෙනස් වී ඇති බව තහවුරු වී යැයි ලන්ඩන් නගරයේ කිංග්ස් වෛද්‍යවිද්‍යාලයේ පර්යේෂකයෝ කියති.

ඔවුන් පවසන්නේ වේගයෙන් වෙනස් වෙමින් පවතින කොරෝනා වයිරසය හේතුවෙන් මිනිස් සිරුරේ ඇතිවන රෝග ලක්ෂණ ද වෙනස්වන බවයි.

රෝගය ආසාදනය වූ පුද්ගලයන් විශාල පිිරිසක් සහභාගී කරගනිමින් මාස ගණනක් කරන ලද පරීක්ෂණ අනුව රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ දිව ආසාදනය වන බව ඔවුහු කියති.

දිවේ තුවාල, රත් පැහැති බිබිලි, රතු ලප හෝ මැලියම් බැඳී තිබීම දක්නට ලැබෙන අතර අධික හිසරදයත්, සමේ කුෂ්ඨ වැනි ස්වභාවයක් දක්නට ලැබීමත් මේ අතර තිබෙන බව පර්යේෂකයන් පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!