31.6 C
Galle

බූස්සේ පදිංචි ගාල්ලේ පාසල් සිසුවියකට කොරෝනා

Published:

ගිංතොට මහා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඇය පදිංචි නිවස රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ බූස්ස ප්‍රදේශයේ පිහිටා ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ තවලම පොළේ සම්බන්ධතාවකින් ආසාදනය වූ නිවසක සිටි මෙම සිසුවියගේ මිත්තනිය එම නිවැසියන් විසින් ඇගේ නිවසට එවා ඇති බවයි. මිත්තණිය තම නිවසට පැමිණි පසු ඇය මිත්තණිය අසළ රාත්‍රී නින්දට ගොස් ඇති බවත් මිත්තණිය ආසාදිත බව තහවුරු වූ බැවින් මෙම සිසුවියට ද පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

එම සිසුවිය පසුගිය අඟහරුවාදා ගිංතොට මහා විද්‍යාලයට පැමිණ ඇත. සෞඛ්‍ය අංශ උපදෙස් මත මේ වනවිට විද්‍යාලයේ ගුරුවරු 10 දෙනකු නිරෝධායනයට යොමු වී සිටිති. සිසුවිය සමඟ පාසලේ දී ආශ්‍රිත වූ අනෙක් සිසු සිසුවියන් ද නිරෝධායනයට යොමුකිරිමට කටයුතු කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!