27.6 C
Galle

ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු ආසාදිතයි

Published:

ගාල්ලේ පාසල් දෙකක සිසුන් තිදෙනකු කොරෝනා ආසාදිතයන් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුන් තිදෙනාම වාර්තා වී ඇත්තේ ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මැලියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි එකම පවුලේ 05 දෙනකු ආසාදනය වී ඇති අතර එම පවුලේ දරුවන් දෙදෙනකු අහංගම රෝහණ විද්‍යාලයේ ඉගෙනුම ලබති. ඔවුන් අතරින් 11 ශ්‍රේණියේ සිසුවා පාසල් ගොස් නොමැති අතර 06 ශ්‍රේණියේ සිසුවා පාසලට ගොස් ඇති බැවින් පාසල විෂබීජහරණය කිරීමට ප්‍රාදේශීය සභාවට උපදෙස් දී ඇත.

ඒ අනුව අද (20) දහවල් අහංගම රෝහණ විද්‍යාලය විෂබීජහරණය කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය සභාව පවසයි. මීට අමරතව අහංගම, වැල්ලේතොට සුගතානන්ද විද්‍යාලයේ සිසුවකු ද කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතත් එම සිසුවාගෙන් පාසලට බලපෑමක් නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!