27.6 C
Galle

පොල් ගෙඩි 21ක් කැඩුවාට ලක්ෂ දෙකක් ඇප

Published:

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි භූමියේ ගසකින් පොල් කැඩූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) නියෝග කළේය.

මෙලෙස මුදාහැර ඇත්තේ ගාල්ල කන්දේවත්ත පදිංචිකරුවෙකි. ඔහු දුම්රිය නිල නිවාස පිහිටි භූමියෙන් පොල්ගෙඩි 21ක කඩා ඒ අසළ ම ඇති කිලෝ මීටර කණුවක ලෙලි ගසමින් සිටිය දී දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලාගෙන පොලිසියට භාර දී ඇතැයි අධිිකරණයේ දී වාර්තා විය.

රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත ඔහු මුදාහරිමින් නඩු විභාගය මැයි මස 04 වැනි දිනට කල් තැබිණි.

Related articles

spot_img
error: Content is protected !!