27.6 C
Galle

ගාල්ලේ පාසල් සිසුවෙක් ආසාදිතයි. පන්තියම නිරෝධායනයට

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආඳාදොළ ශ්‍රීපති මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එම සිසුවා සමඟ පසුගිය දිනවල පාසලේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වූ අනෙක් සිසුන් ද නිරෝධායනයට යොමු කර ඇත.

මේ අතර බටපොළ කල්‍යාණතිස්ස මහ විදුහලේ සිසුවකුගේ පියකු ට කෙරෝනා ආසාදනය වීම හේතුවෙන් එම සිසුවා සමඟ පන්තියේ අධ්‍යාපනය ලැබූ සිසුන් 20ක පමණ පිරසක් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!