27.5 C
Galle

ගාල්ලේ 11 වැනි කොරෝනා මරණය අක්මීමණ නිවසකින්

Published:

අක්මීමණ කෙහෙල්ගස්හේන ප්‍රදේශයේ නිවසක මියගිය 82 හැවිරිදි කාන්තාවක් කෙරෝනා ආසාදිත බව කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පීසීආර් පරීක්ෂණයකින් අද (25) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය පවසයි.

දීර්ඝ කාලයක් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි මෙම කාන්තාව ඊයේ (24) නිවසේ දී මියයාමෙන් අනතුරුව සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනවිත් ඇත. එහි දී පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත. මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නිවසේ කිසිවකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන හෝ ආශ්‍රිතයකු වීම නිසා නිරෝධායනයට හෝ ලක්ව නොසිටි බව දැනගන්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!