27.4 C
Galle

ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කොරෝනා

Published:

ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් 15 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ බව තහවරු වී ඇත්තේ එම කාර්යාලයේ කිහිප දෙනකුට රෝග ලක්ෂණ තිබීම හේතුවෙන් කරන ලද පුද්ගලික පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත වූ කිහිප දෙනකු වාර්තාවීමත් සමඟ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් එහි සේවකයන් 100කට පීසීආර් පරීක්ෂණ සහ 31 දෙනකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇත. ඇන්ටිජන් පරීක්ෂණ අතරින් ආසාදිත වූ 10 දෙනකු හඳුනාගෙන තිබේ.

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවා ලබාගැනීමට පැමිණි පිරිස් සිටීනම් තොරතුරු ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!