සෑම වර්ෂයක ම දූවිලි අංශු ටොන් 5,200ක් පමණ පෘථිවියට අලුතෙන් එකතුවන බව විද්‍යාඥයෝ කියති. මේවා පිටසක්වළ සිට අන්තර් ග්‍රහලෝක දූවිලි අංශු ලෙස ලැබෙන බවත් ඔවුහු පෙන්වා දෙති. වල්ගාතරු හා ග්‍රහකවලින් මෙම දූවිලි අංශු පෘථිවියට ලැබෙන අතර ඒවා මයික්‍රෝ මීටරයක පමණ සිට තරමක් විශාල ප්‍රමාණයේ උල්කාපාත ලෙස පෘථිවියට පතිතවෙයි.
CNRS, the University Paris-Saclay and the National museum of natural history යන ආයතන French polar institute හි සයෝගයෙන් වසර 20ක් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වී තිබේ. මෙම පර්යේෂණ පත්‍රිකාව අප්‍රේල් මස 15 වැනි දා journal Earth & Planetary Science පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
පර්යේෂකයන් පවසන්නේ ඔවුන් දූවිලි අංශු ලෙස සැළකිල්ලට භාජනය කරන ලද්දේ පෘථිවි වායුගෝලය හරහා ගොස් පෘථිවි පෘෂ්ඨය මත පතිතවන මිලිමීටරයකින් 10න් එකක සිට සියය දක්වා වූ අංශු බවයි.
මෙම ක්ෂුද්‍ර උල්කාපාත එකතු කිරීම සහ විශේලේෂණය කිරීම සඳහා පර්යේෂක ජින් ඩුප්‍රට්ගේ නායකත්වයෙන් යුත් ගවේෂණ හයක් පසුගිය දශක දෙක තුළ සිදුකර තිබේ.
මෙම ගවේසණ මගින් ඔවුන්ගේ වාර්ෂික ප්‍රවාහය මැනීම සඳහා ප්‍රමාණවත් තරම් පිටසක්වළ අංශු එකතු කරගත් බව ද පර්යේෂකයෝ කියති. මෙලෙස ලබාගත් නියැදි මුළු පෘථිවි පෘෂ්ඨයටම අදාළ යැයි සැළකූ විට එම දූවිලි තොගය වසරකට ටොන් 5,200ක් වෙයි.
පර්යේෂකයන් පවසන්නේ මේ දූවිලි අංශුවලින් වැඩි ප්‍රමාණයක් හෙවත් 80%ක පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගාතරුවලින් බවයි. අනෙක් කොටස ලැබෙන්නේ ග්‍රහකවලිනි.
https://www.sciencedaily.com/releases/2021/04/210408131503.htm


