27.4 C
Galle

දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

Published:

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අද (16) අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේ ය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයකු වූ බන්දුල හරිස්චන්ද්‍ර ජාතික ජන බලවේග රජය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වූයේ ය.

මියයන විට 62වැනි වියේ පසු වූ බන්දුල හරිස්චන්ද්‍ර හිටපු දිසාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරයකු ද වෙයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක ම ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ඔහු ගාල්ල, වව්නියාව, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. බන්දුල හරිස්චන්ද්‍ර වනජීවී අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන් හි ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඇත.

දීර්ඝ කාලයක සිට පුවත්පත් සඳහා ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කළ ඔහු කවියකු ලෙස ද සුප්‍රසිද්ධව සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!