27.9 C
Galle

සංචරණ සීමා තිබිය දී කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක

Published:

කොළඹ කො‍ටස් වෙළෙඳ පොළ අද (31) දිනය අවසානයේ සියළු කොටස් මිල දර්ශකය 7403ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අද දිනය තුළ පමණක් සියළු කොටස් මිල දර්ශකය ඒකක 70කින් ඉහළ ගිය අතර මුළු ගනුදෙනුවල වටිනාකම මිලියන 3,337කි.

පසුගිය මාසයක කාලය හා සංසන්දනය කිරීමේ දී කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ මෙම නිරෝධායන කාල සීමාවේ සියලු කොටස් මිල දර්ශක ඒකක 203කින් ඉහළ නැග තිබීම ද විශේෂත්වයකි.

කොළඹ කොටස් වෙළෙඳ පොලේ මෙම සුවිශේෂ වර්ධනයට හේතු කීපයක් බලපා තිබේ. ස්ථාවර තැන්පතු සඳහා බංකු විසින් ගෙවන පොළිය අඩුවීම, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙ පොළ ලියාපදිංචි බොහෝ සමාගම්වල අවසන් කාර්තුවේ ලාභය ඉතා විශාල ලෙස වැඩිවීම, ඩොලරයේ වටිනාකම ඉහළ යාම හේතුවෙන් අපනයන සමාගම් අධික ලාභ ලැබීම, සමාගම්වල පරිපාලන වියදම් අඩුවීම, අලුතෙන් සමාගම් රාශියක් කොළඹ කොටස් වෙළෙඳ පොළේ සාර්ථක ලෙස මූලික කොටසක් නිකුතුව අවසන් කිරීම මෙම වර්ධනයට හේතුවන බව නිරීක්ෂණය කළ හැකිය.

අද දින කොළඹ කොටස් වෙළෙඳ පොළ විශාල වශයෙන් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර අතර LOLC , John Keels,   Asiri Hospitals  වන අතර වැඩි වශයෙන් ගනුදෙනු වූ කොටස් සමාගම් අතර රෝයල් සෙරමික් සමාගම, Diped සමාගම ලංකා වෝල්ටයිල්ස් සමාගම් ප්‍රමුඛ විය.  

කොළඹ කොටස් වෙළෙඳ ‍පොළේ බොහෝ සමාගම් මේ දිනවල දී තම කොටස් හිමින්ට ලාභාංශ ප්‍රකාශයට පත්කිරීම ද කැපීපෙනෙන හේතුවකි.

ශ්‍රී ලංකවේ කොටස් වෙළඳ පොළ ලියාපදිංචි බැංංකුවල කොටස් කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ ඉල්ලීම වැඩිවී ඇති අතර සම්පත් බැංකුව හා කමර්ෂල් බැංකුව ඉන් ප්‍රධාන වේ. අද දිනය තුළ විදේශිකයන් වැඩි වශයෙන් ජෝන් කීල්ස් සමාගමේ සහ ලංකා දුම්කොළ සමාගමේ කොටස් විකිණීමට නැඹුරු වී ඇති අතර අද දිනයේ සමස්ත විදේශීය විකිණීම් මිලියන 353ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ පවතින තාක්ෂණික දත්ත විශ්ලේෂණය කිරීමේ දී සමස්ත කොටස් මිල දර්ශකය 7300 සීමාව ඉක්මවා යාම විශාල ප්‍රගතියක් බවත් ඉදිරියට ද කොටස් වෙළෙඳ පොළ කොටස් මිල ඉහළ යා හැකි බවත් බොහෝ දුරට පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන ලද පිරිස් තමන් සතුව පවතින විශාල මුදල් ප්‍රමාණයන් කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීමත් මෙම නිරෝධායන කාල සීමාවේ කිසිදු වසා දැමීමකින් බාධාවකින් තොරව සියලු ගනුදෙනු පෙර පරිදි සිදුකිරීමත් මෙම සුවිශාල වර්ධනයට ප්‍රධාන ලෙස බල පා ඇත.

කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!