25.5 C
Galle

කුසල් මෙන්ඩිස්ට, නිරෝෂන් දික්වැල්ලට වැඩ වරදී. වහාම ශ්‍රී ලංකාවට කැඳවයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ (27) රාත්‍රී ඩර්හැම්හි වීදියක දුම්පානයට සැරසෙමින් සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශනය අනුව ඔවුන් දෙදෙනා වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට පැමිණෙන පළමු ගුවන් යානයෙන්ම ආපසු එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකාරීත්වයට දැනුම් දී තිබේ.

ඔවුන් ජෛව බුබුලක සිටිය යුතුව තිබිය දී මෙලෙස රාත්‍රී කාලයේ නගරයේ වීදිවල සැරිසැරීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවන ලෙස ද දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය හෙට (29) ඩර්හැම් හි දී පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි – 20  සියලු තරඟ පරාජය වී තිබිය දී පවා බොහෝ ක්‍රීඩා ලෝලීහු මෙම තරඟය පිළිබඳ උනන්දුවෙමින් සිටියහ.

“අද රාත්‍රියේ ඩර්හැම් නගරයේ දී දුටු පුරුදු මුහුණු, ඔවුන්ගේ සංචාරය භුක්ති විඳින්න! නිසැකවම මේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොවේ, මෙම වීඩියෝව ඉරිදා පැය 23.28 ට ගන්නා ලදි. මෙම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාශීලීත්වය අපේ බලාපොරොත්තු විනාශ කර දැමුවත් ඩර්හැම් නගරයේ ඔවුන් ගතකරන රාත්‍රිය ඔවුන් රිසිසේ භුක්ති විඳීමට අමතක කර නැහැ.”  යනුවෙන් මේ වීඩියෝව සමාජ මාධ්‍යවලට මුදාහැරි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලියා සටහන් කර තිබිණි.

“අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය දැක්වීමට මහත් බලාපොරොත්තුවෙන් සිටින අතර ඉන් අපි විශාල සතුටක් ලැබුවත් අවාසනාවකට මේ විහිළුකාරයන් මෙහි එන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් නොවේ” යැයි ද ඔහු කියා තිබිණි.

එම වීඩියෝ දර්ශනය පහතින්

Related articles

Recent articles

error: Content is protected !!